29th December 2018 19:14:14 Hours
62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දම්මික ජයසිංහ ගේ සම්බන්ධිකරණයෙන් නත්තල් දිනයට සමගාමීව 621 වන බලසේනාව විසින් සංවිධානය කරනු ලැබු උත්සවයක දී වැලිඔය ප්‍රදේශයේ සිවිල් වැසියන් 251 ක් සඳහා නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදුන්හ.
හොරණ, වෑතර පිහිටි ‘අපේකට්ටිය මිතුරුහමුව’ කණ්ඩායමේ අනුග්‍රාහකත්වය ඇතිව පරාක්‍රමපුර, පදවිය, ශ්‍රී පුර සහ වැලිඔය යන ප්‍රදේශයන්හි සිවිල් වැසියන් සඳහා සඳුදා (24) දින පරාක්‍රමපුර මහා විද්‍යාලයේ පැවැති උත්සවයක දී මෙලෙස නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදෙන ලදි.
මෙම අවස්ථාව සඳහා පරිත්‍යාගශීලින්, 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දම්මික ජයසිංහ, 621 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ශාන්ත රණවීර ඇතුළු 62 වන සේනාංකය, 621 බලසේනාව, 14 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වූහ. jordan Sneakers | Nike Shoes