Header

Sri Lanka Army

Defender of the Nation

28th December 2018 14:35:46 Hours

එක්සත් ජනපද නියෝජිත පිරිස යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් හමුවේ

කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ පැසිපික් කලාපීය නියෝජිත කණ්ඩායමක් පසුගියදා උතුරේ සිදුකල සංචාරයක් අතරතුර යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවිය.

මෙම නියෝජිත පිරිසේ ප්‍රධානී, තොරතුරු සහය කණ්ඩායමේ අධ්‍යක්‍ෂ කපිතන් ආමන්ඩෝ පෙරල්ටා (Captain Armando Peralta) සහ යාපනය ආඥාපතිතුමන් අතර පැවැති සුහද හමුවේදී ද්වීපාර්ශවික වශයෙන් වැදගත් කරුණු සහ දෙරට අතර පුහුණු සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳ සාකච්ඡා කළහ.

මෙම නියෝජිත පිරිසට ලුතිනන් දුරන් වර්ඩ් (Lieutenant Duran Ward), කපිතන් තේරියි ජොන්සන් (Captain Terry Johnson) සහ මාණ්ඩලික සැරයන් ස්කොට් පර්වින්ස් (Staff Sergeant Scott Purvines) යන සාමාජිකයින් ඇතුලත් විය. Nike Sneakers Store | Zapatillas de running Nike - Mujer