28th December 2018 14:38:45 Hours
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ දී යුධ ටැංකි නාශක මිසයිල අවි පාඨමාලාව (ATGM) සහ බලඇණි ආධාරක අවි පාඨමාලාව (BSW) සාර්ථකව හැදෑරු ත්‍රිවිධ හමුදාවේ සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොළත් නිලධාරීන් ගේ විසිරයාමේ පෙළපාලිය සිකුරාදා (21) දින පැවැත්විණි.
මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා ගේ ආරාධනයකට අනුව 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ.ඒ. කොඩිප්පිලි සහභාගි විය.
පාබල පුහුණු මධ්‍යස්ථානය වෙතින් පවත්වනු ලැබු මාස තුනක දීර්ඝ පාඨමාලාවන් සඳහා යුද්ධ හමුදා නිලධාරීන් 46 ක්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 74 ක්, නාවික හමුදා නිලධාරීන් 02, ගුවන් හමුදා නිලධාරීන් 02, නාවික හමුදා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීයෙකු, විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 3 ක් සහ විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 2 ක් සහභාගි වූහ.
පාඨමාලාව හැදෑරු සාමාජිකයින්ගේ දෙමාපියන්, ඥාතින් සහ පවුල්වල සාමාජිකයින් මෙම වර්ණවත් විසිරයාමේ පෙළපාලිය නැරඹීම සඳහා පැමිණ සිටි අතර විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ඉදිරිපත් කරන ලද සරඹ සංදර්ශනයකින් සහ පාඨමාලාව හැදෑරුවන් විසින් ඉදිරිපත් කරන ලද ප්‍රයෝගික නිදර්ශනයකින් මෙම උත්සවය වර්ණවත් විය.Running sneakers | NIKE