28th December 2018 17:02:49 Hours
224 වන බලසේනාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ එම ප්‍රදේශයන්හි වෛද්‍ය නිලධාරීන් සමඟ සම්බන්ධතාවයෙන් දෙසැම්බර් මස 17 දින සිට 20 දින දක්වා නැගෙනහිර තෝපුර් අවට ප්‍රදේශයේ මෙන්ම මූතුර්, තකුවානගර්, ඉක්බාල්නගර් සහ අලිමානගර් ප්‍රදේශයන්හි ඩෙංගු මර්ධන වැඩසටහනක් දියත් කළහ.
මූතුර් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එම්.එම්. රිස්වි මහතා (Dr M.M Rizvi) විසින් කරන ලද ඉල්ලීමක ප්‍රතිචාර දැක්වීමක් ලෙස 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඒ.එන්.එම්. වීරසිංහ මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලැබීය.
මෙම වැඩසටහන අතරතුර දී රාජ්‍ය නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් වැඩබිම්, පරිසරය තුල සහ නිවාසවල ඩෙංගු මර්ධනය කරගැනීම පිළිබඳ මහජනතාව දැනුවත් කල අතර මෙහිදි ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන 1260 කට වඩා වැඩි සංඛ්‍යාවක් යුද්ධ හමුදාව විසින් පරීක්‍ෂාවට ලක් කරන ලදී.latest Running | Nike SB Dunk High Hawaii , Where To Buy , CZ2232-300 , Worldarchitecturefestival