28th December 2018 17:15:33 Hours
අන්තර් රෙජිමේන්තු කායවර්ධන, බරඉසිලීම් හා සවිඑසවිම් තරඟාවලිය - 2018 සඳහා රෙජිමේන්තු 19 ක් නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගි වූ අතර පසුගියදා පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරඟාවලියේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් සහභාගි විය.
කායවර්ධන තරඟාවලියේ ලකුණු 20 ක් ලබාගනීමින් ශූරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා කණ්ඩායම සමත්වූ අතර තරඟාවලියේ දෙවන ස්ථානය ගැමුණු හේවා බලකා කණ්ඩායමට හිමිවිය.
තරඟාවලියේ සම ලකුණු ලබාගනීමින් තෙවන ස්ථානය හිමිකරගැනීමට ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා කණ්ඩායම් සමත්විය.
තරඟාවලියේ දක්‍ෂතම කායවර්ධන ශූරයා ලෙස සම්මාන හිමිකරගැනීමට ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සාමාන්‍ය සෙබල එච්.ඒ.එස්. සම්පත් සමත්විය. මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කායවර්ධන කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ආර්. පලිහක්කාර විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
එමෙන්ම, පසුගියදා පැවැති බර ඉසිලීමේ සහ සවිඑසවීමේ තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත ද මෙම අවස්ථාවේ දී කුසලාන සහ සහතිකපත් පිරිනමනු ලැබීය. ඒ අනුව, සවිඑසවීමේ තරඟාවලියේ ප්‍රථම ස්ථානය ලකුණු 19 ක් ලබාගනීමින් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු කණ්ඩායම විසින් හිමිකරගත් අතර ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා කණ්ඩායම පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන හිමිකරගත්හ.
තරඟාවලියේ දක්‍ෂතම සවි ඔසවන්නා ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් එස්.කේ.එස්. ප්‍රදීප් තේරීපත් විය. තවද බරඉසලීමේ තරඟාවලියේ ලකුණු 21 ක් ලබාගනීමින් ශූරතාවය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා කණ්ඩායම සමත්වූ අතර තරඟාවලියේ දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු කණ්ඩායමට සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා කණ්ඩායමට හිමිවිය.
බර ඉසිලිමේ තරඟාවලියේ පිරිමි අංශයේ දක්‍ෂතම බර ඔසවන්නා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් වයි.ඩි.අයි. කුමාර තේරීපත්වූ අතර තරඟාවලියේ කාන්තා අංශයේ දක්‍ෂතම බර ඔසවන්නිය ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩි.ඩි.ඩි. අබේනායක තේරිපත්විය.
මෙහිදි ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත කුසලාන, පදක්කම් සහ සහතිකපත් පිරිනැමු අතර මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් එක්ව සිටියහ. Running sports | Saucony Lanzar JAV 2 - Unisex , Worldarchitecturefestival