Header

Sri Lanka Army

Defender of the Nation

28th December 2018 17:15:35 Hours

‘හේමාස් අවුට්රීච් පදනමේ’ අනුග්‍රහය ඇතිව වන්නි භට පිරිස් 7 වන පෙර පාසලේ ඉදිකිරීම් කටයුතු අරඹයි

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ සංකල්පයකට අනුව එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් පෙර පාසල් ස්ථාපිත කිරීමේ කාලෝචිත ව්‍යාපෘතිය ආරම්භ කල අතර හේමාස් අවුට්රිච් පදනමේ (Hemas Outreach Foundation) 'පියවර' ව්‍යාපෘතියේ සහයෝගය ඇතිව වන්නි ප්‍රදේශයේ 7 වන පෙර පාසල ඉදිකිරීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම නුවරගම් පලාත පොදු පරිපාලන ප්‍රදේශයේ සියඹලාව, පන්නියන්කඩවල දී මුල්ගල තබන ලදී.

මෙම පෙර පාසල ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉඩම ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවරයෙකු වන පරිත්‍යාගශීලි උදයන්ත බණ්ඩාර මහතා විසින් පරිත්‍යාග කල අතර හේමාස් ලංකා පුද්ගලික සමාගමේ සන්නිවේදන හා තිරසාර සංවර්ධන කළමාණාකාර අධ්‍යක්‍ෂ මෙන්ම හේමාස් අවුට්රිච් පදනමේ (Hemas Outreach Foundation) විධායක අධ්‍යක්‍ෂිකා ශිරෝමි මාසකෝරාල මහත්මිය විසින් සම්බන්ධිකරණය කරනු ලැබීය. දීර්ඝ කාලින අවශ්‍යතාවයක්ව පැවති ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන දරුවන් සියගණනකගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මෙම පෙරපාසල් ඉදිකිරීමට අවශ්‍ය තාක්‍ෂණික සහය සහ ශ්‍රමදායකත්වය ලබාදෙයි.

මෙම පෙර පාසලේ මුල්ගල තැබීමේ උත්සවය සඳහා මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, ශීරෝමී මාසකෝරාල මහත්මිය, උදයන්ත බණ්ඩාර මහතා, බ්‍රිගේඩියර් කුමාර ජයපතිරණ ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු සහ සම්භාවනීය ආරාධිතයින් රැසක් සහභාගි වූහ. මෙම ව්‍යාපෘතිය 21 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කුමාර ජයපතිරණ ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ 212 වන බලසේනාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සිදු කරනු ලබයි. best Running shoes brand | Nike SB