28th December 2018 12:20:05 Hours
යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය සහ යාපනය ශ්‍රී නාග විහාරය සමඟ එක්ව ශ්‍රී ලංකා නිපෝන් අධ්‍යාපනික හා සංස්කෘතික මධ්‍යස්ථානයේ ද සහයෝගිතාවය ඇතිව විවිධ ආර්ථික අපහසුතාවන්ගෙන් පෙලෙන අඩු ආදායම්ලාභි පවුල්වල අධ්‍යාපනය හදාරන සිසුන් 28 දෙනෙකු වෙත ශිෂ්‍යාධාර ඇතුළු අත්‍යවශය ලිපි ද්‍රව්‍ය තොගයක් යාපනය නගර මධ්‍යයේ පිහිටි ශ්‍රී නාග විහාරස්ථානයේ පැවැති උත්සවයකදී ප්‍රදානය කළහ.
යාපනය, පේදුරුතුඩුව, නාවට්කුලි සහ මුලතිව් යන ප්‍රදේශවල තෝරාගනු ලැබු අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් 28 දෙනෙකු වෙත මාසික ශිෂ්‍යධාර ප්‍රදානය කිරීම සඳහා නිපෝන් අධ්‍යාපනික හා සංස්කෘතික මධ්‍යස්ථානයේ ලේකම්, පූජ්‍ය මීගහතැන්න චන්ද්‍රසිරි හිමියන්ගේ ආරාධනයකට අනුව යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සහභාගි විය. තවද මෙහිදි එම සිසුන්ට පාසල් සපත්තු මිලදී ගැනීම සඳහා වවුචර් පත් ද ප්‍රදානය කළහ.
මෙම අවස්ථාව සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙන්ම යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, ප්‍රතිලාභීන් සහ ඔවුන්ගේ දෙමවුපියන් සහභාගී වූහ. url clone | Jordan Release Dates , Iicf