Header

Sri Lanka Army

Defender of the Nation

28th December 2018 17:15:29 Hours

පුර පසලොස්වක පොහෝ දින යුද්ධ හමුදා සාමාජිකයින් සියගණනක් ශීල සමාදාන වැඩසටහනක

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මානසික හා ආධ්‍යාත්මික මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 900 කට අධික පිරිසක් උඳුවප් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් සෙනසුරාදා (22) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි බෝධිරාජාරාම විහාරස්ථානයේ දී දවස පුරා ශීල සමාදාන ආගමික වතාවත්වල නිරතවිය.

මෙම වැඩසටහන වර්ණවත් මල් පෙරහැරකින් සහ බෝධි පූජාවකින් සමන්විත විය. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ මඟපෙන්වීමෙන් සංවිධානය කරනු ලැබු මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ ද සහයෝගය හිමිවිය. Running sneakers | adidas Yeezy Boost 700 , promo code for adidas shoes india delhi today