Header

Sri Lanka Army

Defender of the Nation

28th December 2018 17:15:34 Hours

61 වන සේනාංකයේ මූලිකත්වයෙන් පුවරසන්කුලම් - තුනුක්කායි මාර්ගය ප්‍රතිසංස්කරණය කෙරේ

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත 61 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් වේලන්කුලම්, ඉරනයිප්පයිකුලම්, කක්කායන්කුලම් සහ පෙරියවලයන්කඩ්ඩු යන ප්‍රදේශයන්හි ජිවත්වන දහස්ගණනක් ජනතාවගේ ගමනා ගමන කටයුතු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් පුවරසන්කුලම් සිට තුනුක්කායි දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.

මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය 61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩි.සී.ජි.ජේ. තිලකරත්න ගේ මූලිකත්වයෙන් එම සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් දියත් කරන ලදී. නිසි නඩත්තුවක් නොමැතිව තිබු මෙම මාර්ගය පසුගිය මාස කිහිපය තුල පැවැති අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැළුණු ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් ඉතා අබලන් තත්ත්වයට පත්වි තිබිණි.

ඒ අනුව, යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ගමනා ගමනයට සුදුසු පරිදි එම මාර්ගය ප්‍රතිසංස්කරණය කරනු ලැබීය. jordan release date | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf