Header

Sri Lanka Army

Defender of the Nation

28th December 2018 17:05:01 Hours

55 වන සේනාංකයේ 22 වන සංවත්සරය අභිමානවත් සමරයි

යාපනය, කඩෙයිකාඩු ප්‍රදේශයේ පිහිටි 55 වන සේනංක මූලස්ථානයේ 22 වන සංවත්සරය සමරනු වස් බ්‍රහස්පතින්දා (20) දින එම සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ගුණරත්න වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.

සංවත්සරයට සමගාමීව සමුහ ඡායාරූපයක් ගැනීමෙන් අනතුරුව සියලුනිල දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි. තවද සංවත්සර වැඩසටහනට සමගාමීව සෙනසුරාදා (08) දින යාපනය ශික්‍ෂණ රෝහලේ දී යුද්ධ හමුදා සාමාජිකයින් 104 දෙනෙකු රුධිරය පරිත්‍යාග කළහ.

රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීමත් සේවයේ නියුතු රණවිරුවන්ට ආශීර්වාද කිරීමත් 22 වන සංවත්සරයට සමගාමීව සිදුකල අතර ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අධි රිද්ම සංගීත කණ්ඩායම විසින් 55 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විනෝදාස්වාදයට පත් කළහ. Nike air jordan Sneakers | UOMO, SCARPE