Header

Sri Lanka Army

Defender of the Nation

28th December 2018 12:17:53 Hours

ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදා උපදේශකවරුන් සඳහා 'Gunnery' වාර්ෂික සම්මන්ත්‍රණය ඇරඹේ

ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාව නිළධාරීන් විසින් උපදේශකවරුන් සදහා 12 වන වරටත් පවත්වනු ලැබු ශ්‍රී ලංකා 'Gunnery සම්මන්ත්‍රණය', මින්නේරිය කාලතුවක්කු හමුදා පුහුණු පාසලේදී දෙසැම්බර් මස 21 සහ 22 දෙදින තුළ පැවැත්වූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා මූලස්ථානයේ කර්නල් සේනාවිධායක මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් සහභාගී විය.

නවීන තාක්ෂණය හා උපකරණ සම්බන්ධ වූ න්‍යායාත්මක හා ප්‍රයෝගික දැනුම වැඩිදියුණු කිරීම සම්බන්ධව මෙම සැසිවාරයේදි විශේෂ අවධානය යොමු කළ අතර මේ සඳහා සහභාගිවුවන් විවිධ ක්‍ෂෙත්‍රයන් ඔස්සේ කළ ඉදිරිපත් කිරිම් මගින් හරවත් සාකච්ඡාවත් සඳහා ද මෙය මහගු අවස්ථාවක් විය.

මෙම සම්මන්ත්‍රනය දැනුම වර්ධනය කිරිමේ අරමුණින් කාලතුවක්කු බලසේනා මුලස්ථානයේ අධීක්ෂණය යටතේ සෑම වසරකම කාලතුවක්කු පුහුණු පාසලේදී පවත්වනු ලබයි.best Running shoes | jordan Release Dates