Header

Sri Lanka Army

Defender of the Nation

27th December 2018 13:47:43 Hours

මුලතිව් ක්‍රිකට් තරඟාවලිය සදහා සිවිල් ක්‍රිකට් සමාජ 16 ක් තරඟ කරයි.

සුහදත්වය හා සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් මුලතිව් දිස්ත්‍රික්කයේ සංවිධානය කරනු ලැබු ‘ක්‍රිකට් සැණකෙලිය’ නයාරු 593 බලසේනා මූලස්ථාන භූමියේදී පවත්වනු ලැබීය.

මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සියළුම සේනාංකයන් නියෝජනය කරමින් ක්‍රිකට් කණ්ඩායම් හා සිවිල් ක්‍රිකට් සමාජ 16 ක ක්‍රිඩකයින් මෙම T - 20 ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගි වූහ.

බදාදා (19) වන දින පැවැත්වු අවසන් ක්‍රිකට් තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු සහභාගි වූ අතර, මෙම ක්‍රිකට් තරගාවලිය නැරබීම සඳහා විශාල පිරිසක් එක්ව සිටියහ.

යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම් අතුරින් 59 වන සේනාංකයේ ක්‍රිකට් කණ්ඩායම තරගාවලියේ ශූරයන් බවට පත්වු අතර, සිවිල් ක්‍රිකට් සමාජ අතර පැවති තරගයෙන් මුලතිව් උදයන් ක්‍රිකට් ක්‍රීඩා සමාජය ශූරතාවය හිමිකර ගන්නා ලදි.

සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රාහකත්වයෙන් පවත්වනු ලැබු මෙම ක්‍රිකට් තරගාවලිය සදහා මුලතිව් ප්‍රදේශයේ ක්‍රීඩා ලෝලින් විශාල පිරිසක් සහභාගිවිය.

මෙම අවස්ථාව සදහා මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ ආරාධනයෙන් විශේෂ ආරාධිතයෙකු ලෙස සිලෝන් බිස්කට් සමාගමේ උතුරුමැද ප්‍රදේශීය කළමනාකරු තිළිණ ඇල්ගොඩ මහතා සහභාගී විය.

එහිදි පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු විසින් යුද්ධ හමුදා ජයග්‍රාහි ක්‍රිකට් කණ්ඩායමට හා ජයග්‍රාහි සිවිල් සාමාජ ක්‍රිකට් කණ්ඩායම සඳහා ත්‍යාග ප්‍රධානය කරණු ලැබීය.මෙම අවස්ථාව සඳහා 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය, ලංකා බිස්කට් සමාගමේ කණ්ඩායම් ක්‍රියාකාරී කළමනාකරු නලීන් ජයසූරිය මහතා හා 593 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ලංකා අමරපාල එක්වුහ. Adidas shoes | UK Trainer News & Releases