Header

Sri Lanka Army

Defender of the Nation

24th December 2018 15:17:23 Hours

යාපනය භට පිරිස් ‘දහම් පහන’ වැඩසටහන සමඟ එක්ව සිවිල් වැසියන්ට සහන සලසයි

චාල්ස් තෝමස් සහෝදර තුමන්ගේ ‘දහම් පහන’ ව්‍යාපෘතියේ අනුග්‍රාහකත්වය ඇතිව යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් සිදුකරනු ලබන තවත් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් ලෙස යාපනය ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් සිසුන් 290 ක් සඳහා අධ්‍යාපනික උපකරණ සහ තෝරාගත් පවුල් 50 ක් සඳහා ජල පෙරණ (water filters) බෙදාදෙන ලදී.

චාල්ස් තෝමස් සහෝදර තුමන් සහ යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් Chelva Palace Reception ශාලාවේ දී පැවැති මෙම උත්සවය සඳහා ප්‍රතිලාභීන්, දෙමාපියන් සහ ආරාධිතයින් රැසක් සහභාගි වූහ. මීට අමතරව, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා මෙහිදි පොල් පැළ ද බෙදාදුන්හ.

යාපනය ප්‍රදේශයේ අඩු ආදයම්ලාභි පවුල්වල ජිවන තත්ත්වය ඉහල නැංවීම සඳහා විවිධ සුභසාධන ව්‍යාපෘති ගණනාවක් පසුගිය මාස කිහිපය තුල යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මඟපෙන්වීම මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය දහම් පහන වැඩසටහන සමඟ සහයෝගිතාවයෙන් දියත් කරනු ලැබීය. affiliate tracking url | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov