24th December 2018 15:12:14 Hours
කාලතුවක්කු හමුදා ඉතිහාසයේ ප්‍රථමවරට මින්නේරිය, ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු පුහුණු පාසලේ විසිරයාමේ පෙළපාලිය ප්‍රථමවරට ඉරිදා (23) දින රාත්‍රියේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මෙන්ම ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ ප්‍රධානත්වයෙන් එම පුහුණු පාසල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
මෙම පශ්චාත් ඒකක පුහුණු පාඨමාලා (FD-211) යටතේ සාර්ථකව වෘත්තිමය පුහුණුව හැදෑරු තුවක්කු සෙබළුන් 114 ක් ඔවුන්ගේ ඥාතින් 2000 කට අධික පිරිසකගේ උණුසුම් සුභපැතුම් මධ්‍යයේ විසිරයන ලදී.
පාඨමාලාවේ දක්‍ෂතා දැක්වූවන්ට කුසලාන සහ සහතිකපත් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් විසින් සුභපැතුම් එක් කරමින් පිරිනමනු ලැබීය. Authentic Nike Sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ