24th December 2018 15:26:12 Hours
බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත 14 වන සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 74 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ගිනිනිවන භටයින්ගේ සහ ගුවන් හමුදාවේ සහයෝගය ඇතිව ඉරිදා (23) දින කොළඹ වොක්ෂෝල් වීදියේ පිහිටි දැව ගබඩාවක් තුල හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීමට සමත්විය.
මෙම මෙහෙයුම සඳහා බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ නිලධාරීන් 4 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 24 ක්, ගැමුණු හේවා බලකායේ නිලධාරීන් 2 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 18 ක් සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරීයෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 25 ක් එක්විය. short url link | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092