19th December 2018 11:45:51 Hours
සුහදත්වය සහ සංහිඳියාව වර්ධනය කරමින් යාපනය අර්ධද්වීපයේ සංවිධානය කරනු ලැබු තවත් ප්ර ජා සත්කාරක ව්යාිපෘතියක් ලෙස යාපනය ශාන්ත මරියා දෙව්මැදුරේ දී සඳුදා (17) දින නත්තල් කැරොල් ගායනා ප්රනසංගයක් යුද්ධ හමුදා සාමාජිකයින් රැසකගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය.
මෙම ප්ර්සංගයේ ප්රයධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි යාපනය අඟරදගුරු අති උතුම් ආචාර්ය ජස්ටින් බී. ඥාණප්ර ගසම් පියතුමා විසින් නත්තල් පණිවුඩය ප්ර්කාශයට පත් කරන ලද අතර මෙම වැඩසටහනට සමගාමීව කැරෝල් ගායන හා සෞන්දර්යාත්මක අංග රැසක් ද ඉදිරිපත් කරන ලදි.
යුද්ධ හමුදා තූර්යවාදක කණ්ඩායම හා සමඟ ශුද්ධ වූ පවුලේ කන්යාතරාමය, සාන්ත මරියා දේවස්ථානයේ තරුණ පිරිස, චුන්නාකුම් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සහ යාපනයේ ආරක්ෂතක සේනා මූලස්ථානයේ ගීතිකා කණ්ඩායම් එක්ව නත්තල් කැරොල් ගිතීකා ගායනා කළහ.
යාපනය ආරක්ෂික සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මගපෙන්වීම මත දේවස්ථානයේ බළධාරීන් සමඟ සහයෝගීතාවයෙන් යුතුව මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.
මෙම වැඩසටහන සඳහා සියලු ආගමික පූජකවරුන්, යාපනය මහේස්ත්රානත් අධිකරණයේ විනිසුරු, ත්රිසවිධ හමුදා නිලධාරීන් හා පොලිස් නිලධාරීන්, රාජ්යක නිලධාරින් සහ සිවිල් වැසියන් රැසක් සහභාගි වූහ.latest Running | Asics Onitsuka Tiger