Header

Sri Lanka Army

Defender of the Nation

19th December 2018 12:17:00 Hours

බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ පැවති සම්මන්ත්‍රණය සහතිකපත් ප්‍රදානෝත්සවයෙන් අවසන්වේ

බුත්තල නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය මගින් 12 වන වරටත් පැවැත්වූ සම්මන්ත්‍රණය ‘වර්තමාන උපායමාර්ගික පරිසරයක් තුල කලාපීය හමුදා අණදෙන්නන්ගේ කාර්යභාරය’ යන තේමාව ඔස්සේ සඳුදා (17) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ වූ අතර අඟහරුවාදා (18) දින සම්මන්ත්‍රණයේ සමාප්තිය සනිටුහන් කරමින් නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් මංජුල කරුණාරත්න විසින් අවසන් දේශනය සහ ස්තූති කථාව සිදුකරනු ලැබීය.

මෙම දෙදින සම්මන්ත්‍රණය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 68 ක්, නාවික හමුදා නිලධාරීන් 2 ක්, ගුවන් හමුදා නිලධාරීන් 2 ක්, පොලිස් නිලධාරීයෙකු, විශේෂ කාර්ය බලකා නිලධාරීයෙකු, ආරක්‍ෂක අමාත්‍යංශ නියෝජිතයෙකු සහ කොළඹ විශ්වවිද්‍යාල උපාධිධාරියෙකු සහභාගි වූහ.

මෙම සම්මන්ත්‍රණයේ අධ්‍යයන සැසිවාරයන් ජෙනරාල් ශ්‍රී ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උපායමාර්ගික අධ්‍යයන අංශයේ මහාචාර්ය අමල් ජයවර්ධන, විදේශ කටයුතු අමාත්‍යංශයේ (SAARC) ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂ ජෙනරාල් යසෝජා ගුණසේකර, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, බ්‍රිගේඩියර් හේරත් සහ බ්‍රිගේඩියර් එම්.ඩි.යු.වී. ගුණතිලක ඇතුළු ජ්‍යෙෂ්ඨ විද්වතුන් කිහිපදෙනෙකු විසින් පවත්වනු ලැබීය.

සම්මන්ත්‍රණය අවසානයේ සහතිකපත් ප්‍රදානෝත්සවය සඳහා නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් චන්දන ගුණවර්ධන, බ්‍රිගේඩියර් එම්.ඩි.යු.වී. ගුණතිලක, යුද්ධ හමුදා පුහුණු අණසක බ්‍රිගේඩියර් පුහුණු බ්‍රිගේඩියර් අයි.එච්.එම්.එන්. හේරත්, 241 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් විපුල චන්ද්‍රසිරි, කර්නල් පුහුණු (දේශීය) කර්නල් රංජන් විජේදාස සහ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ.buy footwear | Autres