Header

Sri Lanka Army

Defender of the Nation

19th December 2018 13:10:56 Hours

බූලත්සිංහල දී සිංහ සමාජය පැවැත්වූ වෛද්‍ය කඳවුරක් සඳහා 582 බලසේනාවේ සහය

කොළඹ 306-සී-2 සිංහ සමාජයේ අනුග්‍රාහකත්වය ඇතිව 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා ගේ උපදෙස් මත 582 වන බලසේනාවේ භට පිරිස් විසින් බුලත්සිංහ ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ප්‍රයෝජනය සඳහා ප්‍රජා සත්කාරක සුභසාධන ව්‍යාපෘතියක් ඉරිදා (16) දින බුලත්සිංහල, දේවමුල්ල ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.

දවසපුරා පැවැති මෙම වැඩසටහනනේ දී ‘ඩෙංගු මර්ධනය’ සහ ‘මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශන මෙන්ම බෝ නොවන රෝග පරික්‍ෂා කිරීම, අක්‍ෂි දෝෂ, පිළිකා හඳුනාගැනීම සහ දන්ත වෛද්‍ය සායන ඇතුළු ජංගම වෛද්‍ය සායනයක් පැවැත්වූ අතර මෙම වැඩසටහන අනුග්‍රාහකයින්ගේ සහයෝගය ඇතිව වෛද්‍ය කාර්ය මණ්ඩලයක් විසින් පවත්වනු ලැබීය.

මෙම වැඩසටහන බුලත්සිංහල ප්‍රදේශයේ ළමුන් ඇතුළු සිවිල් වැසියන් 600 කට අධික පිරිසක් සහභාගි වූ අතර වැඩසටහන පැවැත්වීම සඳහා 582 වන බලසේනාවේ බලසේනාධිපති, සිංහ සමාජයේ සාමාජිකයින්, රාජ්‍ය නිලධාරීන් සහ සමාජ ක්‍රියාකාරීන් විසින් යුද්ධ හමුදා සාමාජිකයින්ට අවශ්‍ය සහයෝගය ලබාදුන්හ. latest jordans | Nike Air Force 1 , Sneakers , Ietp STORE