18th December 2018 10:51:09 Hours
61 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් වෙලන්කුයිම්, ඉරනයිලුප්පයිකුලම්, කක්කායන්කුලම් සහ පෙරියවලයන්කඩ්ඩු යන ප්‍රදේශයන්හි ජිවත්වන දහස්ගණනක් ජනතාවගේ ගමනා ගමන කටයුතු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් පුවරසන්කුලම් සිට තුනුක්කායි දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ දෙදින ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් දියත් කරනු ලැබීය.
නිසි නඩත්තුවක් නොමැතිව තිබු මෙම මාර්ගය පසුගිය මාස කිහිපය තුල පැවැති අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැළුණු ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් ඉතා අබලන් තත්ත්වයට පත්වි තිබිණි.
කෙසේ වෙතත්, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත 61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩි.සි.ජි.ජේ. තිලකරත්න ගේ මූලිකත්වයෙන් දෙසැම්බර් මස 12 සහ 13 දිනයන්හි ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ එක්ව මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ මෙම ශ්‍රමදාන වැඩසටහන පවත්වනු ලැබීය.
ඒ අනුව, යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මාර්ගය ගමනා ගමනයට සුදුසු පරිදි ප්‍රතිසංස්කරණය කරනු ලැබීය. jordan release date | NIKE HOMME