Header

Sri Lanka Army

Defender of the Nation

18th December 2018 08:51:09 Hours

දොඹගොඩ නව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නවතමයෙන් ඉදිකරනු ලැබු නවීන පහසුකම්වලින් සමන්විත ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාගාරය විවෘත කෙරේ

යුද්ධ හමුදාව තුල ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නවතමයෙන් ඉදිකරනු ලැබු දොඹගොඩ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාගාරය බ්‍රහස්පතින්දා (13) දින යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් බිමල් විදානගේ ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය.

යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුවේ සභාපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ශ්‍රමදායකත්වය ඇතිව ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් මෙම නව ගෘහස්ථ ක්‍රීඩාගාරයේ ඉදිකිරීම් කටයුතු 2018 අප්‍රේල් මස ආරම්භ කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ විනයාරක්‍ෂකාධිපති මෙන්ම යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුවේ නියෝජ්‍ය සභාපති මේජර් ජෙනරාල් ගාමිණි සිරිසේන ඇතුළු යුද්ධ හමුදා නිලධාරීන් රැසක් සහභාගි වූහ.Sneakers Store | Men's Footwear