Header

Sri Lanka Army

Defender of the Nation

18th December 2018 07:51:09 Hours

අඩු ආදායම්ලාභි පවුල් 50 ක් සහ සිසුන් සඳහා නත්තල් තෑගි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් නත්තල් උත්සවයට සමගාමීව යාපනය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් සහ ප්‍රදේශයේ දක්‍ෂ සිසුන් සඳහා වියළි සලාක ඇතුළු ත්‍යාග පාර්සල් තොගයක් සෙනසුරාදා (15) දින වාසවිලාන් මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති උත්සවයක දී බෙදාදෙනු ලැබීය.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ ඉල්ලීමකට අනුව පරිත්‍යාගශීලින් කිහිපදෙනෙකුගේ අනුග්‍රහය ඇතිව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් 50 ක් සඳහා වියළි සලාක ද ප්‍රදේශයේ සිසුන් සඳහා පාසල් උපකරණ සහ සෙල්ලම්බඩු ඇතුළු ත්‍යාග පාර්සල් තොගයක් ද බෙදාදෙනු ලැබීය. යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ආදාළ ප්‍රදේශයන්හි ග්‍රාම නිලධාරීවරුන් සහ පාසල් බලධාරීන්ගේ සහයෝගය ඇතිව මෙම පරිත්‍යාගලාභීන් තෝරාගනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් රසික කරුණාතිලක සහ යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික ලුතිනන් කර්නල් සිල්වෙස්ටර් පෙරේරා ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

මීට සමගාමීව, මෙම පරිත්‍යාගශීලින් විසින් සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී ඉරිදා (16) දින නත්තල් කැරොල් ගායන වැඩසටහනක් පවත්වන ලදී.Running Sneakers | Ανδρικά Nike