Header

Sri Lanka Army

Defender of the Nation

14th December 2018 18:00:50 Hours

විශ්‍රාමික මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ජේ.ටී. කමල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා සංඥා බලකායේ විශ්‍රාමික මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ජේ.ටී. කමල් ප්‍රනාන්දු සෙනසුරාදා (15) දින හදිසියේ අභාවප්‍රාප්ත විය. එතුමන් වර්ෂ 1957 ඔක්තෝම්බර් මස 21 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට දෙවන ලුතිතන්වරයෙකු ලෙස එක්වූ අතර වර්ෂ 1988 දී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගනු ලැබීය.

විශ්‍රාමික මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ජේ.ටී. කමල් ප්‍රනාන්දු යුද්ධ හමුදා දිවිය තුල උසස් තනතුරු රැසක් හොබවා ඇත. එතුමන් සංඥා තාක්‍ෂණික සම්ප්‍රේෂණය පිළිබඳ විශේෂඥයෙකු වන අතර ස්වාධීන රූපවාහිනි නාලිකාව ආරම්භ කිරීමට පෙර රූපවාහිනි සම්ප්‍රේෂණය පිළිබඳ හඳුන්වාදෙනු ලැබීය. එතුමන් එවකට පැවැති 1 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ (1st Regiment Ceylon Signal Corps) අණදෙන නිලධාරී ලෙස කටයුතු කරන ලදි.

ඔහුගේ දේහය අංක 163/24, රම්‍යා ගාඩ්න්, නාවලපාර, නාරාහේනපිට යන ලිපිනයෙහි තැන්පත් කර ඇති අතර එම දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ‍ගෞරව සහිතව කොළඹ පොදු සුසාන භූමියේදී සඳුදා (17) දින පස්වරු 2.00 ට සිදුකිරීමට නියමිතය. Nike air jordan Sneakers | adidas Yeezy Boost 700 , promo code for adidas shoes india delhi today