Header

Sri Lanka Army

Defender of the Nation

14th December 2018 18:56:50 Hours

වන්නි ප්‍රදේශයේ ගැබිණි මව්වරුන්ට අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාදීමක්

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 56 වන සේනාංක මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් පිලියන්දල ප්‍රසාද් නිමි ඇඳුම් නිෂ්පාදිත ආයතනයේ එම්.කොළඹගේ මහත්මියගේ අනුග්‍රහකත්වය ඇතිව පෝෂදායි ආහාර, ඇඳුම් සහ අත්‍යාවශය ද්‍රව්‍ය අඩංගු ත්‍යාග පාර්සල් තොගයක් නන්දිමිත්‍රගම, නාමල්ගම, සැළලිහිණිගම, බෝගස්වැව 1, බෝගස්වැව 2, කොක්එලිය සහ ඕමන්තේ ප්‍රදේශයේ ගැබිණි මව්වරුන් 50 දෙනෙකු සඳහා අඟහරුවාදා (11) දින බෙදාදෙන ලදී.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය ගේ මූලිකත්වයෙන් තෝරාගත් පවුල්වල ගැබිණි මව්වරුන් සඳහා මෙම පරිත්‍යාගය සිදුකරනු ලැබීය.

මෙම ගම්මානවල ජීවත් වන අඩු ආදායම්ලාභි පවුල්වලට උපකාර කිරීම පිණිස මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය ගේ සම්බන්ධිකරණයෙන් පිලියන්දල ප්‍රසාද් නිමි ඇඳුම් නිෂ්පාදිත ආයතනයේ එම්. කොළඹගේ මහත්මිය විසින් ගැබිණි මව්වරුන් සඳහා මෙම අත්‍යාවශය භාණ්ඩ තොගය ලබාදෙනු ලැබීය. Sport media | Air Jordan