Header

Sri Lanka Army

Defender of the Nation

05th December 2018 13:34:39 Hours

මූලතිව් භට පිරිස් එච්අයිවී සහ ඒඩ්ස් පිළිබඳ දැනුවත් කෙරේ

මානව ප්‍රතිශක්තිකරණ වයිරසය හා ප්‍රතිශක්තීකරණ ඌනතාවේ සංකූලතාව (එච්අයිවී සහ ඒඩ්ස්) පිළිබඳ දැනුවත් කිරීමේ වැදගත් දේශනයක් දෙසැම්බර් මස 1 දිනට යෙදුණු ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී ඉකුත් සඳුදා (03) දින පවත්වනු ලැබීය.

මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති තුමන්ගේ සංකල්පයකට අනුව මෙම දේශනය සංවිධානය කරනු ලැබු අතර දේශනය සඳහා නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 200 කට අධික පිරිසක් සහභාගි වූහ.

මෙම දේශනය මූලතිව් යුද්ධ හමුදා මුලික රෝහලේ කපිතන් ආර්.එෆ්.ටී. ප්‍රේමරත්න, මහජන සෞඛ්‍ය පරික්‍ෂක බළලත් නිලධාරී - 1 ටී.ජි.පී. දයාරත්න සහ යුද්ධ හමුදා මුලික රෝහලේ කෝප්‍රල් ටී. සමරසිංහ විසින් මෙහෙයවනු ලැබීය. affiliate tracking url | New Balance 991 Footwear