Header

Sri Lanka Army

Defender of the Nation

05th December 2018 13:24:12 Hours

දිඹුලාගල සිසුන්ට පාසල් උපකරණ බෙදාදීමක්

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරාල් එච්.ජේ. සෙනෙවිරත්න ගේ මූලිකත්වයෙන් කොළඹ මිතුරු පදනමේ සහයෝගීතාවය ඇතිව පොළොන්නරුව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වල සිසුන් 170 දෙනෙකු දිරිගන්වමින් පාසල් උපකරණ, නිල ඇඳුම්, වතුර බෝතල්, මේස් යුවල් සහ අභ්‍යාස පොත් තොගයක් නොමිලේ බෙදාදෙනු ලැබීය.

මෙම බෙදාදීමේ උත්සවය බ්‍රහස්පතින්දා (29) දින දිඹුලාගල කජුවත්ත විද්‍යාලයේ දී මාදුරුඹය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායකතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එම අවස්ථාව සඳහා ගුරුවරුන්, දෙමාපියන් සහ ගුරුවරුන්ගේ නිර්දේශය මත තෝරාගනු ලැබු අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් සහභාගි වූහ. Running Sneakers Store | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov