Header

Sri Lanka Army

Defender of the Nation

02nd December 2018 04:05:13 Hours

නවතමයෙන් ඉදිකරන ලද මුලතිව් යුද්ධ හමුදා මූලික රෝහලේ සලාක අංශ ගොඩනැගිල්ල සහ මූලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මුළුතැන්ගෙය විවෘත කෙරේ

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ මගපෙන්වීම මත 16 වන ඉංජිනේරු සේවා බලකායේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉදිකරන ලද මුලතිව් යුද්ධ හමුදා මූලික රෝහලේ සලාක අංශ ගොඩනැගිල්ල සහ මුළුතැන්ගෙය බ්‍රහස්පතින්දා (29) දින විවෘත කරනු ලැබීය.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති තුමන්ගේ ආරාධනයකට අනුව සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ විසින් සුභ මොහොතින් නවතමයෙන් ඉදිකරන ලද ගොඩනැගිලි සංකීර්ණය විවෘත කළහ.

මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති තුමන්ගේ උපදෙස් මත දීර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව පැවැති නවීන පහසුකම් සහිත මෙම සලාක අංශ ගොඩනැගිල්ල සහ මුළුතැන්ගෙය ඉදිකරන ලදි.

මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්, 59 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිණි ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමගින් අනෙකුත් නිලධාරීන් රැසක් සහභාගි වූහ.

එමෙන්ම, මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරනු ලැබු සෙසුනිල මුළුතැන්ගෙය එම ආරක්‍ෂක සේනා ආඥාපති තුමන් විසින් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ප්‍රයෝජනය සඳහා සිකුරාදා (30) දින විවෘත කරනු ලැබීය.

ඉතා කෙටි කාලයක් තුල නවීන උපකරණවලින් සමන්විත මෙම මුළුතැන්ගෙය මුලතිව් ආඥාපති තුමන්ගේ උපදෙස් මත ඉදිකරනු ලැබු අතර මෙම ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය සඳහා මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සමඟ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගි වූහ.Authentic Sneakers | Nike - Sportswear - Nike Tracksuits, Jackets & Trainers