Header

Sri Lanka Army

Defender of the Nation

02nd December 2018 07:05:13 Hours

විශ්‍රාමික මේජර් ජෙනරාල් ටි. සිවශන්මුගම් අභාවප්‍රාප්ත වෙයි

විශ්‍රාමික මේජර් ජෙනරාල් ටි. සිවශන්මුගම් සෙනසුරාදා (1) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදි අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ ප්‍රථම රෙජිමේන්තු සේනාවිධායක මෙන්ම එම රෙජිමේන්තුවේ පළමුවන මේජර් ජෙනරාල් වරයාද වන මොහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මෙන්ම සේවා ඒකකයන්හි පළමු මේජර් ජෙනරාල් ද විය.

ඔහුගේ දේහය ඒ එෆ් රේමන්ඩ් අවමංගල්‍ය අධ්‍යක්‍ෂකවරු,රේමන්ඩ් නිවස (Raymond House), අංක 115,ඩිඑස් සේනානායක මාවත,කොළඹ 08 යන ලිපිනයෙහි තැන්පත් කර ඇති අතර එම දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ‍ගෞරව සහිතව කොළඹ පොදු සුසාන භූමියේදී බදාදා (5) දින පස්වරු 4.00 ට සිදු කිරීමට නියමිතය. buy footwear | Womens Shoes Footwear & Shoes Online