Header

Sri Lanka Army

Defender of the Nation

29th November 2018 22:44:08 Hours

මත්ද්‍රව්‍ය නිවාරණය හා සියදිවි හානි කරගැනීම වලක්වාගැනීම පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කෙරේ

සිවිල් සම්පත් දායකයින්ගේ සම්බන්ධතාවයද ඇතිව මනෝවිද්‍ය මෙහෙයුම් අධක්‍ෂක මණ්ඩලය විසින් මත්ද්‍රව්‍ය නිවාරණය හා සියදිවි හානි කරගැනීම වලක්වාගැනීම පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරිමේ වැඩසටහනක් සදුදා (26) දින මුලතිව් ප්‍රදේශයේ පිහිටි 64 සේනාංකයේදි පවත්වන ලදි.

මෙම වැඩසටහන 64 වන සේනාංකයේ ඉල්ලීමකට අනුව අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ චාමර ප්‍රදීප් මහතා සහ ජ්‍යෙෂ්ඨ මනෝචිකිත්සක සමන්ත නිල්මල්ගොඩ මහතා විසින් මෙහෙයවනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා එම සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරින් 24 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 189 ක් සහභාගි වුහ. Best Authentic Sneakers | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ