Header

Sri Lanka Army

Defender of the Nation

27th November 2018 22:19:30 Hours

22 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

ත්‍රිකුණාමල ප්‍රදේශයේ පිහිටි 22 වන සේනාංකයේ 23 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් ඩබ්. ඒ. එන්. එම්. වීරසිංහ සදුඳා (26) දින රාජකාරි භාරගනු ලැබීය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් 22 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි විසින් පිළිගනු ලැබු අතර, අනතුරුව නව සේනාංකාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය.

අනතුරුව, සිය කාර්යාලයේ දී නව සේනාංකාධිපතිතුමන් නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගනු ලැබීය. තවද මෙම අවස්ථාව සිහිවනු වස් සේනාංකාධිපතිතුමන් විසින් කඳවුරු ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළහ.

අනතුරුව සේනාංකයේ සේවයේ නියුතු සියලු නිලයින් ඇමතු නව සේනාංකාධිපතිතුමන් සෑම සෙබලෙකුගේම විනය පවත්වාගෙන යෑම සහ කාර්යක්‍ෂම තාවය පිලිබඳව කරුණු පැහැදිලි කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා 221, 222 සහ 224 යන බලසේනාවල බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ඇතුළු 22 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් හා යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගි වූහ.

හිටපු සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස රාජකාරි ඇරඹීමෙන් අනතුරුව නව සේනාංකාධිපතිතුමන් ලෙස මේජර් ජෙනරාල් ඩබ්. ඒ. එන්. එම්. වීරසිංහ රාජකාරින් ආරම්භ කරනු ලැබීය.latest jordans | 【11月発売予定】シュプリーム × ナイキ エアフォース1 全3色 - スニーカーウォーズ