Header

Sri Lanka Army

Defender of the Nation

27th November 2018 22:16:30 Hours

යුද්ධ හමුදාවේ පරිහරණය සදහා වටිනා අත් ආවරණ තොගයක් පරිත්‍යාග කෙරේ

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පරිහරණය සඳහා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටා ඇති MIDAS Industrial Clothing (Pvt) Ltd ඇගළුම් නිෂ්පාදන ආයතනය මගින් වටිනා අත් ආවරණ තොගයක් මාස්ටර් ජෙනරාල් ශාඛාව වෙත බ්‍රහස්පතින්දා (15) දින පරිත්‍යාග කරනු ලැබීය.

ඉදිකිරිම් සහ යාන්ත්‍රික ක්‍ෂෙත්‍රයේ රාජකාරි කටයුතු වල නිරතවන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පරිහරණය සඳහා මෙම වටිනා අත් ආවරණ තොගය පරිත්‍යාග කරණ ලදි.

මෙම පරිත්‍යාගය සිදු කරනු ලබන අවස්ථාව සඳහා ප්‍රාදේශීය කළමණාකාර බශීර් අලි මහතා, ප්‍රධාන තොරතුරු නිලධාරි අරජුන ජයසිංහ මහතා මෙන්ම MIDAS Industrial Clothing (Pvt) Ltd ආයතනයේ කළමණාකාරවරුන් වන උදය සුගත දාස මහතා, ප්‍රසාද් මුහන්දිරම් මහතා, ඉංදික බලබෝව මහතා, විශ්‍රාමික මේජර් රොෂාන් ජයවර්ධන මහතා මෙම ආයතනය නියෝජිනය කරමින් එක්ව සිටියහ.

පරිත්‍යාග කරනු ලැබු මෙම අත් ආවරණ තොගයෙන් සාම්පලයක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත යුධෝපකරණ මාස්ටර් ‍ජෙනරාල් ශාඛාවේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන විසින් අඟහරුවාදා (27) දින පිළිගන්වනු ලැබු අතර එම අවස්ථාව සදහා යුධෝපකරණ මාස්ටර් ‍ජෙනරාල් ශාඛාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුද එක්ව සිටියහ.Sport media | UOMO, SCARPE