27th November 2018 12:19:36 Hours
මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 68 වන සේනාංකයේ මුලිකත්වයෙන් පුදුකුඩුඉරිප්පු මහා විද්‍යාලයේ අපොස (සා/පෙළ) විභාගයට පෙනිසිටිමට නියමිත අඩු ආදායම් ලාභි පවුල්වල සිසු සිසුවියන් සඳහා ගණිතය, විද්‍යාව, ඉතිහාසය, ඉංග්‍රිසි, යන විෂය මාලාවන් පිලිබඳ දැනුවත් කිරිමේ දෙශණයක් නොවැම්බර් මස 23 සහ 24 යන දෙදින පුරා පවත්වනු ලැබීය.
මෙම සැසිවාරයේදි, ඉරණපලෙයි මහා විද්‍යාලයේ සුගනන් මහතා, කලාප අධ්‍යාපන කාර්යාලයේ සෙල්වරාජ මහතා, ඉරණපලෙයි මහා විද්‍යාලයේ කජේන්ද්‍රන් මහතා ඇතුළු විද්වත් ගුරුමඩුල්ලක් විසින් පාසල් විෂය මාලාවට අදාල විෂයන් සම්බන්දව දේශණ පැවැත් වු අතර මෙම සැසිවාරයට සහභාගිවු සිසු සිසුවියන් සඳහා ප්‍රවාහන පහසුකම් හා ආහාරපාන ආදියෙන් සංග්‍රහ කරනු ලැබීය.
මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් පරිදි 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ගේ අධීක්‍ෂණය යටතේ කලාප අධ්‍යාපන කාර්යාලයේ අදාල බලධාරින් මෙන්ම විදුහල්පතිවරුන් ගේ උපදේශකත්වය මත අඩු ආදායම්ලාභි පවුල්වල සිසු සුසුවියන් සඳහා මෙම සම්මන්ත්‍රණය පවත්වනු ලැබීය
පුතුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්, කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ, 68 වන සේනාංකයේ සේනාංකාධිපති, 681 සහ 683 බලසේනාධිපතිවරුන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් මෙම සම්මන්ත්‍රණයේ සමාරම්භක උත්සවය පවත්වනු ලැබීය. Sportswear Design | Nike - Sportswear - Nike Tracksuits, Jackets & Trainers