27th November 2018 20:00:30 Hours
කෑගල්ලේ බෙරගල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු පුහුණු පාසලේදි සාර්ථකව පුහුණුව හැදෑරූ ආධුණික සෙබලුන් 131 දෙනෙකු සෙනසුරාදා (24) දින විසිර යන ලදී.
ආධුණික පාඨමාලා අංක - 26 යටතේ මාස 4 ක කාලයක් තුළ සාර්ථකව පුහුණුව හැදෑරූ මෙම ආධුනික සෙබළුන්, ශ්‍රී ලංකා පාබල හමුදාව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය යන රෙජිමේන්තු වෙත සේවය සදහා අනියුක්ත කිරිමට නියමිතය.
ආධූණික සෙබලුන්ගේ විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 583 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සිසිර හේරත් සහභාගි විය.
මෙම උත්සවය අතරතුර, කොහොඹ, දිවුල්, මාර ඇතුළු විවිධ වර්ගයේ පැල 1310 ක ප්‍රමාණයක් මෙහිදි විසිරයනු ලබන ආධුනික සෙබළුන් වෙත බෙදාදෙනු ලැබේ.
තවද එහිදි පාඨමාලාවේ සෑම අතින්ම අතීශුර සෙබලාට හිමි සම්මානය ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ප්‍රදානය කරනු ලැබිය. Nike sneakers | Nike