27th November 2018 00:03:40 Hours
පසුගිය දින කිහිපයතුල පැවැති අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැළෙණ ධාරාණීපාත වර්ෂාපතනය හේතුවෙන් ප්‍රදේශය ජලයෙන් යටවී තිබු අතර යුද්ධ හමුදා සාමාජිකයින් චාවකච්චේරි නගර සභා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ තෙන්නමරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින්ගේ මෙන්ම කෝවිල්කුඩිඉරුප්පු ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ සහයෝගය ඇතිව බදාදා (21) දින එකතුවූ වැසි ජලය ඉවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබීය.
මෙම ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට හේතුව, නිසි ජල අපවහන පද්ධතියේ ඌනතාවය බව මුලික සොයාගැනීම් වලින් තහවුරු විය. ඒ අනුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්මික නිලධාරීන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් බැකෝ යන්ත්‍ර සහ ට්‍රැක්ටර් රථ යොදාගනීමින් නව ජල අපවාහන බෝක්කු 6 ක් ස්ථාපනය කරනු ලැබීය. ප්‍රදේශයේ නැවත එවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වමින් පවුල් 23 කට පමණ සහන සැලසීය.
චාවකච්චේරි නගර සභා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ, 523 වන බලසේනාවේ බලසේනාධිපති සහ ප්‍රාදේශීය ලේකම්තුමන් සහන සැලසීමේ ක්‍රියාවලිය කඩිනමින් ඉටු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදෙනු ලැබීය. ඇතිවූ ආපදා තත්ත්වය මඟහරවා ගැනීම සඳහා 523 වන බලසේනාව, 12 වන ගැමුණු හේවා බලඇණිය සහ 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් කටයුතු කරනු ලැබීය. Sport media | Nike - Sportswear - Nike Tracksuits, Jackets & Trainers