26th November 2018 23:44:31 Hours
මින්නේරිය කාලතුවක්කු හමුදා බලඇණිය විසින් පාවිච්චියෙන් පසු ඉවතදමා තිබු කාලතුවක්කු දෙකක කොටස් උපයෝගි කරගනිමින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය විසින් අවමංගල්‍ය උත්සවයන්හි දේහය රැගෙනයාමේ කාතුගැල් රථ දෙකක් සාදා නිමකල අතර එම කාතුගැල් රථ දෙක ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩි. එම්. ඩි. ඒ. බී. ධානසේකර විසින් කාලතුවක්කු රෙජිමේන්තු කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් වෙත මින්නේරියේ පිහිටි කලතුවක්කු හමුදා බලඇණියේ දී බ්‍රහස්පතින්දා (22) දින භාරදෙනු ලැබීය.
වර්ෂ 1940 දී සහ 1943 දී නිෂ්පාදනය කරන ලද මෙම 25 වර්ගයේ කාලතුවක්කු අවි යුධමය කටයුතු සඳහා භාවිතා කර වර්ෂ 2005 දී භාවිතයෙන් ඉවත් කරනු ලැබීය. ඉවත දමන ලද මෙම අවි දෙක ශ්‍රී ලංකා විදුලි හා ඉංජිනේරු බලකායේ සහ මින්නේරිය කාලතුවක්කු හමුදා භට පිරිස්හි තාක්‍ෂණික සහ ඉංජිනේරු සහාය ඇතිව කාතුගැල් රථ දෙක නිර්මාණය කරනු ලැබීය. තවද මෙම 25 වර්ගයේ කාලතුවක්කු අවි දෙක වර්ෂ 1986 දී එක්සත් රාජධානීයෙන් ආනයනය කරනු ලැබීය.
මෙම නවීකරණය කරන ලද කාතුගැල් රථ දෙක පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂකගේ මඟපෙන්වීම මත හමුදා අවමංගල්‍ය උත්සව සඳහා භාවිතා කල හැක.
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් මාස තුනක වැනි කෙටි කාලයක් තුල මෙම කාතුගැල් රථ දෙක නාවීකරණ කටයුතු සිදුකල අතර එමගින් රුපියල් මිලියන 10 ක් පමණ ඉතිරි කරගැනීමට හැකිවිය. Buy Kicks | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4