24th November 2018 21:55:04 Hours
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් අ.පො.ස. (සා.පෙළ) විභාගයට පෙනි සිටින සිසුන් වෙනුවෙන් අභිප්‍රේරණය හා ආතති කළමනාකරණය පිළිබඳ සම්මන්ත්‍රණයක් පවත්වනු ලැබු අතර ඒ සදහා වවුනියා අධ්‍යාපන කලාපයේ දෙමළ සහ සිංහල පාසල් කිහිපයක් නියෝජනය කරමින් සිසු දරු දැරියන් මෙම සම්මන්ත්‍රණයට සහභාගි වූ අතර කොළඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ හා මනෝවිද්‍යා පර්යේෂණායතනයේ සාම්පත් දායකයින් විසින් නොමිලේ පවත්වනු ලැබීය.
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ පූර්ණ මගපෙන්විම හා සම්බන්ධිකරනය මත සිකුරාදා (23) දින සම්පත් දායකයින් වන මනෝවිද්‍යා පර්යේෂණායතනයේ චිකිත්සක මනෝවිද්‍යාඥ දර්ශන මඩවල මහතා, එම්. අයි. අහමඩ් ඉෆ්ටිකාර් මහතා සහ දිමුතු පැස්කුවෙල් මහතා ඇතුළු උපදේශක මඩුල්ලක් විසින් මෙම සම්මන්ත්‍රණයේදි හරවත් හා වටිනා දේශණ පවත්වනු ලැබීය.
වව්නියාවේ සින්නමනි දේශණ ශාලාවේදී පැවති මෙම සම්මන්ත්‍රණය සදහා දමිළ සිසුන් 267 ක් හා සිංහල සිසුන් 172 කට අධික පිරිසක් සහභාගීවිය. මෙම දේශණය සදහා සියළු කටයුතු 211 වන බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සුදානමි කරනු ලැබිය. buy footwear | Air Jordan