26th November 2018 20:55:41 Hours
වැලිකන්ද, බෞද්ධ මධ්‍යස්ථානයේ නවතමයෙන් ඉදිකරනු ලැබු චෛත්‍යය රාජ්‍යයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ උතුම් පිංකම සෙනසුරාදා (24) දින නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලැබීය. මෙම උතුම් චෛත්‍ය රාජ්‍යයාණන් වහන්සේ ගේ ඉදිකිරීම් කටයුතු විශ්‍රාමික මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරිණි.
නැගෙනහිර පළාතේ ආගමික සහජීවනය නගාසිටුවීම සඳහා නැගෙනහිර අරක්‍ෂක සේනා මුලස්ථානය විසින් දියත් කරනු ලබන ව්‍යාපෘතීන් අතරින් එකක් ලෙස මෙම චෛත්‍ය රාජ්‍යයාණන් වහන්සේ ඉදිකර පුජා කරනු ලැබීය.
මෙම ආගමික උත්සවය සදහා මහා සංඝරත්නය ඇතුළු ප්‍රදේශවාසීන්, යුද්ධ හමුදා නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහභාගි වූ අතර නැගෙනහිර ආරක්‍ෂක ස්‍නො මුලස්ථානයේ අධීක්‍ෂණය යටතේ කැළණිය ප්‍රදේශයේ පදිංචි සද්ධාතිස්ස මහතාගේ මූල්‍යමය අනුග්‍රාහකත්වයෙන් මෙම ස්තූපය ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබීණි. 2018 ජූනි 26 වන දින නැගෙනහිර ආරක්‍ෂක සේනා හිටපු ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල විසින් මෙම ස්තූපය ඉදිකිරීම සඳහා මුල් ගල තැබූ අතර, 2018 ඔක්තෝබර් 13 වන දින ස්තූපයෙහි ධාතුන් වහන්සේලා තැන්පත් කර වන්දනාමාන සිදුකරනු ලැබීය.
බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය දෙල්විට මෙත්තාලංකාර ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනාවන් හා පැමිණ සිටි බැතිමතුන්ගේ සාඳු නාඳ මධ්‍යයේ නව නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ කැළණිය සද්ධාතිස්ස මහතා විසින් සුභ මොහොතින් රන් ආලේපිත ස්ථුපයේ කොත නිරාවරණය කරන ලදී.
නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් ශාන්ත හේවාවිතාරණ, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරි බ්‍රිගේඩියර් මිචෙල් වන්නිආරච්චි, කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි කර්නල් චාමින්ද විජයරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම පිංකම සඳහා සහභාගී වූහ.
වර්ෂ 1942 දී මෙම බෞද්ධ සිද්ධස්ථානය ආරම්භ කරනු ලැබු අතර මෙම විහාරස්ථානය බොහෝ දුෂ්කරතා මධ්‍යයේ පවත්වාගෙන යනු ලැබීය. කැලණිය ප්‍රදේශයේ සද්ධාතිස්ස මහතාගේ මූල්‍යමය උපකාරය ඇතිව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මෙම විහාරස්ථානයේ ස්තූපයේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබීය. Buy Kicks | GOLF NIKE SHOES