22nd November 2018 19:55:36 Hours
වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ධම්මික ජයසිංහ අඟහරුවාදා (20) දින එම සේනාංක මුලස්ථානයේ දී රාජකාරි භාරගනු ලැබීය.
ඒ අනුව, 9 වන ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් නව සේනාංකාධිපති වෙත කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමූ අතර, පූජ්‍ය මිල්ලෑවේ සුමනතිස්ස ස්වාමින් වහන්සේ, පූජ්‍ය පෙරියකුලමේ සුගුණ ස්වාමින් වහන්සේ සහ පූජ්‍ය කුඩාහල්මිල්ලෑවේ වනරතන ස්වාමින් වහන්සේ විසින් එහිදි ආගමික වතාවත් සිදුකරමින් නව සේනාංකාධිපතිතුමන්ට ආශිර්වාද කරනු ලැබීය.
තවද, බ්‍රිගේඩියර් සංජය වනසිංහ සිය ධූරයෙන් නික්මයාමෙන් අනතුරුව බ්‍රිගේඩියර් ධම්මික ජයසිංහ නව සේනාංකාධිපති ලෙස රාජකාරි අරඹනු ලැබීය.
621, 622, 623 යන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් සහ 62 වන සේනාංකයේ සියලුම මාණ්ඩලික නිලධාරින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.best shoes | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf