Header

Sri Lanka Army

Defender of the Nation

22nd November 2018 16:55:36 Hours

මුලතිව් ආඥාපතිතුමන් මුතියන්කඩ්ඩු බලඇණි පුහුණු පාසලෙහි සංචාරයක

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු බදාදා (21) දින 64 වන සේනාංක බල ප්‍රදේශයේ පිහිටි මුතියන්කඩ්ඩු බලඇණි පුහුණු පාසලෙහි සංචාරයක නිරත විය.

බලඇණි පුහුණු පාසල වෙත සපැමිණි මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ව 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබු අතර, එහිදි මුතියන්කඩ්ඩු බලඇණි පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක විසින් පුහුණු පාසලේ විෂය මාලාව පිළිබඳව මුලතිව් ආඥාපතිතුමන් දැනුවත් කරනු ලැබීය. ඉන් අනතුරුව, ආඥාපතිතුමන් බලඇණි පුහුණු පාසලේ පුහුණුව ලබන 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක‍බළමුළුවේ භට පිරිස් ඇමතු අතර එම සිසුන් විසින් පුහුණු නිදර්ශනයක් ද ඉදිරිපත් කරනු ලැබීය. Sports Shoes | Buy online Sneaker for Men