Header

Sri Lanka Army

Defender of the Nation

22nd November 2018 20:55:35 Hours

මුලතිව් භට පිරිස් වෙනුවෙන් තවත් දේශනයක්

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ මූලිකත්වයෙන් 68 වන සේනාංක මූලස්ථානයේ දී සඳුදා (19) දින විද්වත් කථිකාවතක් පැවැත්වූ අතර, ඒ සඳහා මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් 45 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 250 කට අධික පිරිසක් සහභාගි වූහ.

මෙම විද්වත් කථිකාවත ආරම්භ කරමින් ‘මත්ද්‍රව්‍ය නිවාරණය සහ මත්ද්‍රව්‍ය ආශ්‍රීත නීති විරෝධි ක්‍රියාකාරකම්’, ‘හදිසි රිය අනතුරු සහ දිවි නසා ගැනිම් වැනි තත්වයන් පාලනය කිරීම’ සහ ‘ජාතික සංහිඳියාව ගොඩනැගිමේ දී සහ තිරසාර සංවර්ධනයක් ඇති කිරීම සඳහා වර්තමාන සෙබලාගේ වගකීම’ යන තේමාවන් ඔස්සේ අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයෙහි උපදේශක චාමර ප්‍රදීප් කරුණාරත්න මහතා, ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක සමන්ත නිල්මල්ගොඩ මහතා සහ බ්‍රිගේඩියර් ඩි.ජි හේවගේ යන දේශකයන් විසින් හරවත් දේශන මාලාවක් පවත්වන ලදි.

මෙහිදි සෙබළුන් වශයෙන් යහපත් ආකල්ප දරමින් කායික මෙන්ම යහපත් මානසික සෞඛ්‍යක් පවත්වාගැනිමෙහි ඇති වැදගත්කම සහ වගකීමෙන් යුක්තව ජාතියේ රැකවරණය සඳහා ඇපකැපවිය යුතු ආකාරය යන කරුණු පිළිබඳව අවශ්‍ය අවබෝධය ලබාදෙන ලදි. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. Best Authentic Sneakers | plain white nike air force ones women high top Colorways, Release Dates, Price , Gov