Header

Sri Lanka Army

Defender of the Nation

22nd November 2018 21:55:04 Hours

ත්‍රිකුණාමලයේ දී 22 වන සේනාංකයේ මූලිකත්වයෙන් අපොස (සා/පෙළ) සම්මන්ත්‍රණයක්

22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ උපදෙස් මත එම සේනාංකයට අයත් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථානගත 221 වන බලසේනාවේ සහයෝගය ඇතිව දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත අපොස (සා/පෙළ) විභාගයට පෙනීසිටින සිසුන් සඳහා එක්දින ගණිත සම්මන්ත්‍රණයක් පවත්වනු ලැබීය.

මෙවර අපොස (සා/පෙළ) විභාගයට පෙනීසිටින ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශවල සිසුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් අඟහරුවාදා (13) දින ත්‍රිකුණාමලය සිංහල මහා විද්‍යාලයේ දී මෙම සම්මන්ත්‍රණය පැවැත්වනු ලැබීය.

මෙම සම්මන්ත්‍රණය විද්‍යාලයේ ගණිත ගුරුවරුන් දෙදෙනෙකු වන ඩි. ඉන්ද්‍රවංශ කොළඹගේ මහතා සහ එස්. රත්නායක මහතා විසින් මෙහෙයවනු ලැබු අතර මෙම සම්මන්ත්‍රණය සඳහා සිසුන් 251 ක් සහභාගි වූහ. මෙම සම්මන්ත්‍රණයේ දී පසුගිය වර්ෂයන්හි විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ජා කරනු ලැබීය. Running sneakers | Air Jordan