Header

Sri Lanka Army

Defender of the Nation

22nd November 2018 18:55:36 Hours

ආයුරුවේද පරිපාලන නිලධාරීන් 61 වන සේනාංක ඔසු උයනේ සංචාරයක

වවුනියාව, දේශීය වෛද්‍ය රෝහලේ ආයුරුවේද පරිපාලන නිලධාරීන් කණ්ඩායමක් බදාදා (21) දින 61 වන සේනාංක මූලස්ථානයේ ඔසු උයනේ සංචාරයක නිරත විය.

මෙම රෝහලේ පරිපාලක ටී. සර්වානන්දන් මහතා සහ එහි කාර්ය මණ්ඩලය උද්‍යාන පරිශ්‍රය නිරීක්‍ෂණය කල අතර ඔවුන් උද්‍යාන පරිශ්‍රයේ විරල ශාක වර්ග සහ විශේෂ වගා කිරීම පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින්ට සිය ස්තුතිය පුද කළහ.

මෙම සංචාරය සඳහා 61 වන සේනාංක මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී කර්නල් සුභාෂන ලියනගම සහ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I ලුතිනන් කර්නල් ශීරාන් වැලිගම සහභාගි වූහ. affiliate tracking url | Men's Footwear