22nd November 2018 17:55:36 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකාය, වෛද්‍ය බලකාය සහ විශේෂ බලකායේ මෙන්ම නාවික හමුදා සහ ගුවන් හමුදාවේ උපදේශක නිලධාරින් 8 ක් සහ සෙසුනිලයින් 54 ක් සඳහා අවතැන් වුවන් මුදාගැනීම පිළිබඳ අවශ්‍ය දැනුම යාවත්කාලීන කිරිමේ පාඨමාලාවක් නොවැම්බර් මස 12 දින සිට 21 දින දක්වා තොන්ඩමන් නගර් කඳවුරේ සහ කිළිනොච්චියේ ඉරණමඩු ජලාශය අසල දී පවත්වනු ලැබීය.
කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ සම්බන්ධීකරණයෙන් 571 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධික්‍ෂණය යටතේ පාඨමාලාව පවත්වනු ලැබීය.
අනතුරුව පවත්වනු ලැබු කෙටි උත්සවයකදි පාඨමාලාව සදහා සාහභාගි වුවන්ට සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය. latest Nike release | Ανδρικά Nike