Header

Sri Lanka Army

Defender of the Nation

21st November 2018 12:55:29 Hours

65 වන සේනාංකයේ මූලිකත්වයෙන් පොල් පැළ 240 ක් බෙදාදෙයි

‘වනරෝපා’ ජාතික ව්යාපෘතියට සමඟාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘රණවිරු හරිත අරණ’ ව්යාපෘතියේ තවත් එක් අදියරක් ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනා බලප්රදේශයේ ස්ථානගත 11 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පූල්ලේයාරන්කඩ්ඩු ප්රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිවිල් වැසියන් 120 දෙනෙකු සඳහා පොල් පැළ 240 ක් සිකුරාදා (16) දින බෙදාදෙනු ලැබීය.

මෙම වැඩසටහන පූල්ලේයාරන්කඩ්ඩු ප්රදේශයේ සිවිල් වැසියන්ගේ ජිවන තත්ත්වය නගාසිටුවීමේ අරමුණින් 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්රිගේඩියර් වසන්ත කුමාරප්පේරුම ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබීය. Nike sneakers | Gifts for Runners