Header

Sri Lanka Army

Defender of the Nation

19th November 2018 12:44:46 Hours

64 වන සේනාංකයේ මූලිකත්වයෙන් අපොස සා/පෙළ සිසුන්ට සම්මන්ත්‍රණයක්

මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත 64 වන සේනාංකායේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ගේ මූලිකත්වයෙන් ඔඩ්ඩුසුඩාන් සහ මූලතිව් ප්‍රදේශයේ මෙවර අපොස සා/පෙළ විභාගය සඳහා පෙනීසිටින සිසුන් වෙනුවෙන් ගණිත සම්මන්ත්‍රණයක් නොවැම්බර් මස 17 සහ 18 දිනයන්හි ඔඩ්ඩුසුඩාන් මහා විද්‍යාලයේ දී පවත්වනු ලැබීය.

මෙම ගණිත සම්මන්ත්‍රණය මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ දේශකයින් කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලැබු අතර ඒ සඳහා ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පාසල් හතක් නියෝජනය කරමින් සිසුන් 200 කට අධික පිරිසක් සහභාගි වූහ. එහිදි සහභාගි වූ සිසුන් වෙත විෂය පිළිබඳ නිබන්ධන ද නොමිලේ බෙදාදෙන ලදී.

64 වන සේනාංකය විසින් මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූ සියලුම සිසුන්ට කෙටි ආහාර සහ දිවා ආහාරවලින් ද සංග්‍රහ කරනු ලැබීය. ප්‍රදේශයේ සහජිවනය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කරනු ලැබීය.bridge media | Sneakers