Header

Sri Lanka Army

Defender of the Nation

15th November 2018 08:20:20 Hours

බංගලාදේශ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සංචාරයක

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව පවත්වනු ලබන ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින්ගේ අන්තර්ක්‍රියාකාරි හමුවක් සඳහා පසුගියදා දිවයින්ට පැමිණි බංගලාදේශ යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් කණ්ඩායමක් බදාදා (14) දින මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සංචාරයක නිරතවිය.

පාබල පුහුණු මධ්‍යස්ථානය වෙත සපැමිණි බංගලාදේශ යුද්ධ හමුදාවේ ප්‍රධාන නිලධාරින් දෙදෙනෙකු ඇතුළු නවදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම උණුසුම් අයුරින් පිළිගනු ලැබු අතර නියෝජිත පිරිස පාබල පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ සංචාරය කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් පාබල පුහුණුව ලබන ආකාරය පිළිබඳ දැනුවත් විය..

අනතුරුව, පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා විසින් පාබල පුහුණු මධ්‍යස්ථානයේ කාර්යභාර්ය හා වගකීම් පිළිබඳ නියෝජිත පිරිසට පුළුල් විස්තරයක් ඉදිරිපත් කරමින් දැනුවත් කරනු ලැබීය. latest Running | Nike