Header

Sri Lanka Army

Defender of the Nation

16th November 2018 11:17:02 Hours

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය සිය 6 වන සංවත්සරය සමරයි

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන සිය 6 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් එම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ මඟපෙන්වීම මත වැඩසටහන් මාලාවක් සංවිධානය කරනු ලැබීය.

ඒ අනුව, බ්‍රහස්පතින්දා (15) දිනට යෙදුණු සංවත්සර දිනයේ දී බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති වෙත එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමු අතර, අනතුරුව පැවැති සියලුනිල තේ පැන් සංග්‍රහය සඳහා ද එතුමන් සහභාගි වූහ. එහිදි ආඥාපතිතුමන් භට පිරිස් අමතමින්, සියලු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත ටි-ෂර්ට් ද ප්‍රදානය කරනු ලැබීය.

එමෙන්ම, සංවත්සර වැඩසටහන් මාලාවට සමගාමීව අඟහරුවාදා (13) දින බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් කඩුවෙල, විල්බට් පෙරේරා වැඩිහිටි නිවාසයේ සහ බිෆර්ඩ් සමරනායක වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන් 500 ක් සඳහා දිවා ආහාරවේලක් ලබාදෙනු ලැබීය.

එසේම එදින සන්ධ්‍යාවේ, බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයට සහ යුද්ධ හමුදාවට ආශිර්වාද පතා සියලු නිලයින්ගේ සහභාගිත්වයෙන් පනාගොඩ බෝධිරාජාරමයේ දී ‍බෝධි පුජා පිංකමක් ද පැවැත්විය. trace affiliate link | Saucony Lanzar JAV 2 - Unisex , Worldarchitecturefestival