Header

Sri Lanka Army

Defender of the Nation

14th November 2018 08:09:10 Hours

මහනුවර සේවා මුක්ත භට සංගමය රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිකෙරේ

කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ ඉරිදා (11) දින පැවති රණවිරු සැමරුම් දිනයට සමගාමීව සේවා මුක්ත භට සංගමයේ මහනුවර ශාඛාවේ සාමාජිකයින් විසින් මහනුවර ජෝෂප් ඊ. ද සිල්වා උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිකරන ලදි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ගරු. පි.බී. දිසානායක මහතා සහභාගි වූ අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා තුර්යවාදක කණ්ඩායම, යුද්ධ හමුදා සරඹ කණ්ඩායම්, විශ්‍රාමික හා සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් මෙන්ම පොලිස් සාමාජිකයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. Running sport media | Releases Nike Shoes