Header

Sri Lanka Army

Defender of the Nation

16th November 2018 14:17:02 Hours

ඉන්දීය නිලධාරි ශ්‍රී ලංකා සංචාරය අතරතුර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගනියි

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති තුමන්ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය සන්නද්ධ හමුදා සාමාජිකයින් ඉරිදා (11) දින මහනුවර ශ්‍රී දළදා මාලිගාව අසල දී ඉතා උණුසුම් අයුරින් පිළිගෙන ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීම සඳහා කැඳවාගෙන යනු ලැබීය.

මෙම ඉන්දීය නිලධාරීන් පිරිස ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් රුවන් කුලතුංග ගේ ආරාධනයෙන් එම විද්‍යාලය මඟින් සංවිධානය කරනු ලැබූ පුහුණු වැඩමුළුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියහ. latest jordans | Nike SB