Header

Sri Lanka Army

Defender of the Nation

15th November 2018 12:20:20 Hours

නිරෝගීමත් හමුදාවක් නිරෝගීමත් දැයක් ව්‍යාපෘතිය යටතේ දියවැඩියා රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක්

ලෝක දියවැඩියා දිනයට සමගාමීව නිරෝගීමත් හමුදාවක් නිරෝගීමත් දැයක් ව්‍යාපෘතිය යටතේ කොළඹ යුද්ධ හමුදා රෝහලේ කාර්යමණ්ඩය ඇතුළු නේවාසික රෝගීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් බදාදා (14) දින රෝහල් පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.

මෙම වැඩමුළුවේ දී දියවැඩියා රෝගය පිළිබඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම, දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදාහැරීම, විඩියෝ දර්ශන මගින් දියවැඩියා රෝගය පිළිබඳ දැනුවත් කිරීම වෛද්‍ය නිලධාරින් විසින් දේශන පවත්වමින් සිදුකරනු ලැබීය.

නිරෝගීමත් හමුදාවක් නිරෝගීමත් දැයක් ව්‍යාපෘතියේ ප්‍රධානී වෛද්‍ය බ්‍රිගේඩියර් ඒ.එස්.එම්. විජේවර්ධන විසින් මෙහෙයවනු ලබන මෙම වැඩසටහන දිවයින පුරා සියලුම යුද්ධ හමුදා රෝහල්වල පැවැත්වීමට නියමිතය.

දියවැඩියා දිනයට සමගාමීව පැවැති මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහභාගි විය.

මෙම වැඩමුළුවේ දේශන ප්‍රවීණ උපදේශක වෛද්‍ය ලුතිනන් කර්නල් එම්.ඒ.එස්. කුරේ, වෛද්‍ය මනෝචිකිත්සක රවිමල් ගලප්පත්ති, වෛද්‍ය පි.එස්.එස්. හෙට්ටිආරච්චි සහ විශේෂඥ පෝෂණවේදී එන්.එම්.එස්. හෙට්ටිගෙදර විසින් පවත්වනු ලැබීය. best Running shoes | Air Jordan 1 Mid "Bling" Releasing for Women - Pochta