11th November 2018 14:00:24 Hours
සන්නද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් තුල ආධ්‍යාත්මික හා මානසික ඒකාග්‍රතාවය ඇතිකිරීමේ අරමුණින් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන භාවනා වැඩසටහනේ තවත් එක් අදියරක් බදාදා (07) දින හැලුම්මහර, බවුන්සෙත් විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.
මෙම භාවනා වැඩසටහන සඳහා යුද්ධ හමුදා නිලධාරින් 2 සහ යුද්ධ හමුදා සාමාජිකයින් 51 ක් මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් 03 ක් සහ සෙසු නිලයින් 18 ක් සහභාගි වූහ. මෙම භාවනා වැඩසටහන පූජ්‍ය දියසෙන්පුර විමල හිමි විසින් මෙහෙයවනු ලැබීය.Authentic Sneakers | Women's Nike Air Max 270 trainers - Latest Releases